ප්රතික්ෂේප විම මනුස්සයෙකුට ජීවිතේ අත්වෙන්න පුලුවන් දරුණුතම ප්රහාරයක්.නමුත් එ ප්රතික්ෂේප විමම ඔබට ජීවිතේ ජයග්රහණයක්.මොකද කිසිම තැනකින් ප්රතික්ෂේප විම නැත්නම් කොහොමද ඔබ මිනිස්සුන්ගේ වෙනස් විම අදුන ගන්නේ? ප්රතික්ෂේප විමකින් පසු තවත් කුමන හෝ කාරණාවක් වෙනුවෙන් අපි එතන රැදි සිටිමක් කල යුතුද? යාලුවන්,සහෝදරයින්,සමාජය, ආදි ඔිනෑම තැනකින් වරක් ප්රතික්ෂේප වු පසු තව දුරටත් එතන රැදි නොසිට ඔබ ඔබ වෙනුවෙන් කටයුතු කල යුතුය. ප්රතික්ෂේප විම ඔබව මග හැරුම ඔිනැම අවස්ථාවක මුහුණ දිමට වෙන සිදුවිමක්.නමුත මෙතනින් එහාට ඔබ කටයුතු කල යුක්තේ කෙසේද?දෙයකින් ප්රතික්ෂේප විම දරා ගැනිමට අමාරු වුනත් ආපහු අපි නැගිටලා ශක්තිමත් විදියට ජිවිතේ දිහා බලන්න ඔිනි.මොකද අද ඔබව ප්රතික්ෂේප කරපු මිනිස්සු හෙට ඔබ වටා ඔවුන්ගේ වාසිය වෙනුවෙන් රැදි නොසිටි කියා ඔබට තක්සේරු කල නොහැක.ඒ නිසා ඔබ ඔබ වෙනුවෙන් ශක්තිමත් විය යුතුය.මොකද කවමදාවත් ප්රතික්ෂේප විම්වලට ඔබ බයවෙන්න එපා.මොකද ඒ ප්රතික්ෂේප විමම ඔබේ ජිවිතය ඇතුලේ ඔබට ඔබ ගැන ආත්ම විශ්වාසයක් ඇති කරනවා.මොකද ඒ කඩාවැටිම් ඇතුලේ ඔබට ඔබ කවුද ඔබට මොනවද කරන්න පුලුවන් කියලා ඔබ අදුන ගන්නවා.ඉතින් ප්රතික්ෂේප විමට නිදහසට කාරණා හොයනවා වෙනුවට ඔබ ඔබව ඒ ඇතුලේ හොයාගන්න.ඉතින් එතකොට මේ ප්රතික්ෂේප විම ඇතුලේ හිමිවන දරුණු වේදනවා හෙට ඔබව ඉහලට ඔසවන්න සමත් වේවි.
ඉතින් ඔබ කොතන කොයි විදියට ප්රතික්ෂේප වුනත් දරුණු විදියට මානසිකව වැටුනත් ඉලක්කය අතඅරින්න එපා.මොකද ඒ ප්රතික්ෂේප විම ඇතුලේ ඔබේ හීනෙට ඉගිල්ලෙන්න ඔබට තටු ලැබෙයි.
❤️
ReplyDelete👋😍
ReplyDelete